පුංචි බබාලා ටිකක් සෙල්ලමට වතුර ගහ ගන්නා බවත් පොඩි අය රණ්ඩු වුණාට ලොකු කට්ටිය රණ්ඩුවෙන්නේ නැති බව ගාල්ල දිස්ත්‍රික්ක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
අද (10) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි හෙට්ටිගම මහතා මේ බව පැවසිය.
ඉදිරි මහ මැතිවරණයේදි අපි සන්ධානයක් වශයෙන් එකතුවි තරග කළ යුතුමයි. අපි දැවැන්ත ජයග්‍රහණයක් ලබනවා. ඔය සෙල්ලම් කරන පොදුජන සන්ධානයේ පොඩි අයට කියනවා. අපි එකතුවෙලා වැඩකරමු. රණ්ඩු වු කාලය අවසන් පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණේ ශ්‍රි.ල.නි.පක්ෂයේ කතිරයත් පාවිච්චි කරලා. එහෙම නොවුණානම් ලොකු ප්‍රශ්නයකට එතුමා යනවා. ඒ නිසා ශ්‍රි.ල.නි පාක්ෂිකයින්ද රැකගෙන මේ ගමන යමු කියලා මා ආරාධනා කරනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි තුනෙන් දෙකක බලයක් තියෙන පාර්ලිමේන්තුවක් හදන්න ජනාධිපතිවරණයේ දි දුන් ලක්ෂ 69 ලක්ෂ 79 දක්වා වැඩිකළ යුතුයි. රට හදන්න. ගම නගර හදන්න උද්ධමනය අඩු කරන්න ආර්ථික සංවර්ධන වේගය වැඩි කරන්න . රට ගොඩනගන්න පුළුවන් යුගයක් පොහොට්ටුව ජයග්‍රහණය කිරිමෙන් පසු ඇති කරන්න පුළුවන්.
සජිත් ප්‍රේමදාස මහතා අපට කිසිදු අභියෝගයක් නෙවෙයි. යු.එන්.පිය පසුගිය මැතිවරණයේ දි ගත්තේ ඡන්ද 55 ලක්ෂයයි. පරතරය 14 ලක්ෂයක් වෙනවා. අලියා වෙනම යනවා. සජිත් සමගිජන බලවේගයෙන් වෙනම තරග කරනවා. ද්‍රවිඩ සන්ධාන දෙකට තුනකට කැඩිලා. ඉදිරි මහ මැතිවරණයේ පාර්ලිමේන්තුව තුළ අඩුම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගන්නා සන්ධානයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස පත් වෙනවා. සජිත් ප්‍රේමදාස යු.එන් පියත් ඉවර කළා . හංසයාත් ඉවරයි. සජිතුත් කපොතියි. ශ්‍රි ලංකා පොදුජන සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බවද නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේය.