එක්සත් ජනපදය වටා රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් භාවිත කරමින් චිනය විශාල ඔත්තු බැලීමේ ප්රයත්නයක් සිදුකරන බවට ඇමෙරිකානු නිලධාරීන් චෝදනා කිරීමෙන් පසු ඇමෙරිකානු ෆෙඩරල් නියෝජිතයන් සහ ප්‍රාදේශීය ආරක්ෂක අංශ ඊයේ (24දා) හූස්ටන්හි චීන කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වූහ.
සුදු වෑන් රථ දෙකක්, කළු පැහැති SUV රථ, ට්‍රක් රථ සහ අගුලු කැඩීමේ වෑන් රථයක්ද රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිල්ලට ඇතුළු වී තිබුණි.
එක්සත් ජනපද නිලධාරීන් පසුව මාධ්‍ය අමතමින් කියා තිබුණේ කොන්සියුලර් කාර්යාලය ටෙක්සාස්හි පර්යේෂණ ආයතනයක සිදුවූ වංචා විමර්ශනයකට සම්බන්ධ වී ඇති බවය. එහිදී චීන නිලධාරීන් පර්යේෂකයන් සමග සන්නිවේදනය සඳහා සෘජුව සම්බන්ධ වෙමින්, රැස්කර ගත යුතු තොරතුරු පිළිබඳව ඔවුන්ට මඟපෙන්වා ඇති බවය.
හූස්ටන් හි කොන්සියුලර් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නගර 25කට වැඩි ගණනක පුළුල් පුද්ගලයන්ගේ ජාලයට සහාය වන අන්වීක්ෂයක් යැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා තිබුණි. "චීන කොන්සියුලර්වරු එම ජාලය තුළ සිටින පුද්ගලයින්ට අපගේ විමර්ශනය මඟහැරිය හැකි ආකාරය සහ ඒවාට බාධා කරන්නේ කෙසේද යන්න පිළිබඳ මඟපෙන්වීමක් ලබා දී තිබෙනවා. තවද, රට පුරා ආශ්රිත ජාලයක් ඇති කිරීමේ හැකියාව ඔබට එයින් නිගමනය කළ හැකියි." හෙතෙම සඳහන් කර තිබුණි.
අඟහරුවාදා හූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
අඛණ්ඩ වෙළෙඳ යුද්ධය, නව කොරෝනා වෛරසය, හොංකොං ආදී කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපද විවේචන මධ්‍යයේ චීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා පසුගිය වසර තුළ කඩා වැටී තිබුණි.