හලාවත වතුවැවිලි සමාගමට අයත් හලාවත ප්‍රධාන කාර්යාලයේ සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට 10 දින කොවිඞ් 19 වෛරසය ආසාදනය වීඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙසේ කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මෙම පුද්ගලයා නිවාඩුවක් සඳහා නිවසට ගොස් ඇතිඅතර නිවසේ සිටියදී අසනීප තත්වයක් හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී කොවිඞ් 19 වෛරසය අසාදනය වීඇති බවට තහවුරු වී ඇත.
මේ අනුව ඉකුත් 09 දින සිට දින 14ක් ඉදිරියට මෙම ස්ථානයේ සේවය කරන සහ සේවය ලබාගැනීමට පැමිණි පිරිස පිළිබඳව සොයා බැලීමට විශේෂ වැඩපිළිවලක් ආරම්භකර ඇති බව හලාවත සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්. ඞී. එස්. අමරසිරි මහතා පවසයි.