හලාවත නගර සභාවේ නගරාධිපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයෙකු විසින් පුද්ගලයෙකු බලහත්කාරයෙන් රදවාගන සිදුකළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙම පහර දීමෙන් අනතුරුව පහර කෑ පුද්ගලයාගේ පිරිසක් සහ නගරාධිපතිවරයාගේ පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරව සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙපාර්ශවයේම පස්දෙනෙකු හලාවත රෝහලට ඇතුලත් කර ඇත.
හලාවත ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුවන මෙම පහර කෑ පුද්ගලයා නගරාධිපතිවරයාගේ ආධාරකරුවෙකු යතුරුපැදියකින් හප්පාගන ගොස් ඇතිබවට වෝදනා කරමින් මෙම පුද්ගලයාව නගරාධිපති සහ ඔහුගේ සහෝදරයා විසින් බලහත්කාරයෙන් රදවා තබා ගනිමින් පහර දීම සිදුකර ඇතිබවට පොලීසිය විසින් සිදුකළ විමර්ෂණ වලදී හෙලිව ඇත.
අනතුරුව පහරකෑ පුද්ගලයාගේ පිරිසක් සහ නගරාධිපතිවරයාගේ පිරිසක් අතර ගැටුමක් සිදුවී ඇතිඅතර එමගැටුමේදී තමන්ටද තුවාල සිදුව ඇතිබව පවසමින් නගරාධිපතිගේ පිරිසේ තිදෙනෙකුත් බලහත්කාරයෙන් රදවාගන නගරාධිපති පහර දුන් පුද්ගලයා සහ එම පිරිසේ එක් අයෙකුත් මේවනවිට හලාවත දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත නගරාධිපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයාවන ඉෂාන් අබේසේකර සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද 12 හලාවත අධිකරණයට ඉදිරිපත් කරන බව හලාවත පොලීසිය පවසයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න