හලාවත වෙරළ තිරය ආශ්‍රීත ග්‍රාම නිලධාරි වසම් හතරක් හුදකලා ප්‍රදේශ බවට පත් කිරිමට කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය .
මේ අනුව හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ හලාවත වෙරළ ආශ්‍රීත වෙරළබඩ උතුර ,වෙරළබඩ දකුණ , එගොඩවත්ත , කුරුසපාඩුව යන ග්‍රාම නිලධාරි වසම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කියයි.
මෙසේ අදාල ප්‍රදේශ හුදකලා කර සංචරණ නීති පැනවිමට කටයුතු කර ඇත්තේ පසුගිය නොවැම්බර් 12 දින සිට මේ දක්වා කොවිඩ් 19 අසාදිතයින් 29 දෙනෙකු හමුවි තිබිමත් සමග බව කියයි.
අදාල හුදකලා කල ග්‍රාම නිලධාරි වසම් හතර තුල පවුල් 990ක පුද්ගලයින් 6700ක් පදිංචි බව ද කියයි.
මෙම තත්වය සැලකිල්ලට ගෙන හලාවත නගරයේ හා සෙසු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තිරණය ගත් බවත් ඒ අනුව අදාල ප්‍රදේශවලට සංචරණ නීති පනවමින් අදාල ප්‍රදේශ හුදකලා කල බව ඇය පැවසිය.