සසෙක්ස් හි හැරී කුමරු හා මේඝන් ඔවුන්ගේ දෙවැනි දරුවා වන ගැහැණු දරුවෙකුගේ උපත නිවේදනය කර තිබේ.
ලිලිබෙට් 'ලිලී' ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර් ලෙස රාජකීය යුවල විසින් නම් තබා ඇති මෙම පුංචි කුමරිය, සිකුරාදා උදෑසන කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි රෝහලකදී උපත ලැබීය.
මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව මෙම යුවළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
බකිංහැම් මාලිගය පැවසුවේ "රැජින, වේල්ස් කුමරු සහ කෝන්වෝල් ආදිපාදවරිය සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය සහ ආදිපාදවරිය දැනුවත් කර ඇති අතර එම පුවත ගැන ඔවුන් සතුටට පත්ව සිටිනවා." යනුවෙනි.
හැරී කුමරු සහ මේඝන් කියා සිටියේ තම දෙවැනි දරුවාට ලිලිබෙට් යන නම නම තබමින්, ඇගේ මැද නම ඩයනා යන්න තෝරාගෙන ඇත්තේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත ආච්චි අම්මා වන වේල්ස් හි කුමරියට ගෞරවයක් වශයෙන් බවයි.
දේශීය වේලාවෙන් පෙරවරු 11:40ට ලිලිබෙට් උපත ලබා ඇති අතර, උපතේදී බර රාත්තල් 7ක් පමණ වූ බවත් කියයි.
ඇය රැජිනගේ මුණුබුරු මිණිබිරියන් අතර 11 වැන්නී වන අතර සිංහාසනයට ඇති උරුමය අනුව අටවැනි ස්ථානයේ සිටී. එහි අර්ථය වන්නේ 1960 දී දෙවැනි ස්ථානයේ උපත ලැබූ ඇන්ඩෘ කුමරු නවවැනි ස්ථානයට පත්වීමයි.
කෙසේ වෙතත් ඔවුන් තම දියණියගේ ඡායාරූප කිසිවක් මෙතෙක් නිකුත් කර නැත.
වේල්ස් කුමරු, හැරී කුමරුගේ පියා සහ කෝන්වෝල් ආදිපාදවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "ලිලිබෙට් ඩයනා බිලිඳියගේ උපත ගැන හැරී, මේඝන් සහ ආචීට සුබ පැතුම්. මේ විශේෂ අවස්ථාවේදී ඔවුන් සියල්ලන්ටම සුබ පතනවා." යනුවෙනි.
ආදිපාදවරිය සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා පැවසුවේ "ලිලී බිලිඳියගේ උපත ගැන වූ ප්‍රීතිමත් ආරංචියෙන් අපි සැවොම සතුටු වූවා." යනුවෙනි.
අගමැති බොරිස් ජොන්සන් මෙම යුවළට සිය "සුබ පැතුම්" යවා ඇති අතර, කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කෙයර් ස්ටාර්මර් "අපූරු පුවත" පිළිගත්තේය.
36 හැවිරිදි හැරී කුමරු සහ 39 හැවිරිදි මේඝන් 2018 මැයි මාසයේදී වින්ඩ්සර් කාසල්හි පැවති උත්සවයකදී විවාහ විය. වසරකට පසුව ඔවුන්ගේ පළමු දරුවා වන ආචී හැරිසන් මවුන්ට්බැටන්-වින්ඩ්සර් උපත ලැබීය.