හැරී කුමරු සහ මේගන් කුමරිය සිය ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාවන් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණි දා සිට ඉතා නිහඬ ජීවිතයක් ගත කරති.
කෙසේ වෙතත් ඔවුන් කොතරම් නිශ්ශබ්දව සිටියද, කොවිඩ් -19 වසංගතය අතරතුර ලොන් ඇන්ජලීස් නුවර ආහාරපාන අවශ්යතාවලින්පෙළෙන ජනතාව වෙත රහසේම සහන සැලසීමට රාජකීය යුවළ ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.
ලොස් ඇන්ජලීස් හි ලාභ නොලබන ආයතනයක් වෙත මෙම යුවළ ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව ඇති අතර, මෙම ආයතනය හරහා වෛරසයෙන් පීඩාවට පත් අයට විශේෂයෙන් සකස් කළ ආහාර පිළියෙළ කොට ලබාදෙන බව කියැවෙයි.
බොහෝ විට අසනීපව සිටින පුද්ගලයින්ට ආහාර මිලදී ගැනීම සඳහා නිවෙස් අතහැර යාමට නොහැකි වීම නිසා ඔවුන් වෙත පෝෂ්‍යදායී සෞඛ්‍යමය ආහාර ද්‍රව්‍ය නිවසටම ගෙනැවිත් දීමද මෙම පුණ්‍ය ආයතය මගින් සිදුකරන බව කියයි.