හෙරෙයින් කිලෝ 192ක්, පිස්තෝල 10ක් හා මැගසින් 19ක් සමග කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. හොරණ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිවේගි මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මුලින්ම හෙරොයින් කිලෝ 15ක් සොයාගෙන ඇති අතර පසුව සැකකරුවන්ගෙන් කළ වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලදී බණ්ඩාරගම සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 177ක් සොයාගෙන තිබේ.
මේ පිළිබඳව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පවත්වයි.