හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 74.666ක් හා අයිස් කිලෝ 65.714ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.
නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය ගාලු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සැකකාරියක්ද වෙයි. ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ දින හතක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.