අනුරාධපුර නව බස් නැවතුම්පළේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (19) සවස මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව සතුව හෙරොයින් ග්රෑම් 9කුත් මිලිග්රෑම් 700ක් පොලීසිය සොයාගෙන ඇත.වෙසක් සමයේ අනුරාධපුරයට පැමිණෙන තරුණයින්ට අලෙවිය සඳහා මෙම හෙරොයින් ළඟ තබා ගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.
ඊට අමතරව සැකකාරිය සතුව තිබු රුපියල් හතලිස්දහසකට අධික මුදලක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙරොයින් අලෙවියෙන් මෙම මුදල් උපයන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාව තලාව ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය අද (20) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.