ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි තරුණයන් තිදෙනෙක් සැකපිට අද (16) දින ගිනිගත්හේන නගරයේදි අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන බවට ලද තොරතුරක් මත හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍යය මිලිග්රැම් 940 ක් අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේම පදිංචි අවුරුදු 20 – 30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.