ඩුබායි රටට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "රත්මලාන දේවේන්ද්‍ර " නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන "වෑකඩ දතා"නැමැත්තා හොරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පෙරේදා 24 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි
සැකකරු සමඟ මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත .
පානදුර සිට කලුතර දක්වා මහා පරිමාණයේ යතුරු පැදියකින් හොරෙයින් මත්කුඩු පැකට් බෙදා හැරීමේ නිරත සැකකරු සම්බන්ධයෙන් පාණදුර කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් (67091 )චතුරංග හා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් කොස්තාපල් (88255) මධුරංග මහත්තරුන්ට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරුගේ ගමන් බිමන් පිළිබඳව රහසිගතව සිදුකළ විමර්ශනවලදී ඒ බව තහහුරු වූ බව පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ උපදෙස් මත තවත් දින කිහිපයක් සැකකරු සම්බන්ධයෙන් දැඩි සෝදිසියෙන් සිට සැකකරු ගමන්ගත් ගමන් ගත් යතුරු පැදිය නවතා පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී සැකකරු යතුරුපැදිය එකවරම හරවාගෙන පළාගිය බව පොලිසිය කියයි .
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පලායන සැකකරු පසුපස හඹා යාමේදී යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකි සැකකරු පැති කානුවක් වෙත ඇද වැටීමත් සමගම ඔහු යතුරු පැදි අත්හැර පලා යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ සිට ඇප මත ඇප මත නිදහස් වූවෙකු බව බව පොලීසිය සඳහන් කරයි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය