පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා.මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි.විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.
බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරනවා.ඒ සදහා අවශ්‍ය නීති රීති වෙනස් කර හෝ කටයුතු කළ යුතුයි. තරුණ වරදකරුවන් සදහා විශේෂිත වු කෙටි කාලීන පුහුණු වීම් ලබාදීම වැදගත් වෙනවා.
තල්දෙන තරුණ වරදකරුවන්ගේ පුහුණු ආයතනය මගින් සුවිශේෂි වු පුහුණු වීම් සිදු කරනවා.බන්ධනාගාර ගත වන රැදවියන්ගේ දක්ෂතාවයන් නිපුණතාවයන් පිළිබදව හදුනා ගෙන පුහුණු වීමි ලබා දිය යුතු බවත් එය සමාජයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත්”