හෙරොයින් ග්රෑම් 5 ක් සහිත පැකට් 100 ක් සමග 30 හැවිරිදි පුද්ගලයෙක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල නගර පුවරුව අසලදි අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මෙම හෙරෝයින් පැකට් සියය ෂොපීං බෑග්වල අසුරා සිය පාදයන්හි කළවා ප්රදේශයට තබා බැඳ කොළඹ සිට බදුල්ලට බස්රථයකින් ප්රවාහනය කරමින් තිබියදී ලැබුණ තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
බදුල්ල කටුපැලැල්ලගම පදිංචිකරුවෙක් වන සැකකරු කාලයක් තිසසේ ගෙවල් බිදුම් සොරකම් සිදුකර එම මුදල් හෙරොයින් සදහා වැය කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය .
එම හොරකම් වලින් පසු ප්රදේශයෙන් පළාගොස් නවගමුවේ නතරවී , වැල්ලම්පිටියේ සිට හෙරොයින් බදුල්ලට ප්රවාහනය බෙදාහැර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වු බවද පොලිසිය සඳහන් කළේය .