බලපත්රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ දින රාත්රියේ හැටන් පොලිස් කෙට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මහවැලි ගගට හැටන් සිට ප්රධාන වශයෙන් ජලය ගල බසිනා හැටන් ඔයේ ස්ටැඩන් වත්ත ප්රදේශයේ මෙම අනවසර මැණික් ගැරිම සිදු කල බවයි මෙම වැටලිම සිදු කළ නිලධාරීන් කියා සිටියේ.
විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරිමේ නිරතව සිටි බවත්, සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කළ නිලධාරීන් කියා සිටියේ.
මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.