පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදකිති.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා විසින් ජනාධිපති කොමිසම හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය අසා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයකගුරුතුමන්ලා ඇතුලු සමස්ත පූජක සංසදය බලවත් සේ කම්පනයටත් කැළඹීමටත් පත්වු බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අගරදගුරුතුමා ඛේදවාචකය සිදුවුණු පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවක් ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නැති බැවින් උන්වහන්සේ එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්ට යන අනතුර පිළිබදව උන්වහන්සේ ද කළින් දැනුවත් වී සිටි නිසායැයි අනුමාන කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශයක් සිදුකර තිබුණි.
එම ප්‍රකාශය අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍යය මෙන්ම අසාධාරණ චෝදනාවක් බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.