මිනුවන්ගොඩ බ්රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය.
ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන බැවින් ඒ සම්බන්ධයෙන් හොරණ රෝහල් බලධාරීන්ට ද දන්වා යැවූ බව කඑබෝවිල මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ධර්මරත්න මහතාගෙන් කළ විමසිිමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ එම සිද්ධිය සත්‍ය බවත් රෝහලේ 5 වෙනි වාට්ටුවේ සේවය කළ එම හෙදිය සහ දරු දෙදෙනා පී.සී.ආර්. පරක්‍ෂණවලට ලක්කර මේවන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි.
තවද අදාළ වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇත.
අගුරුවාතොට - මංගල එදිරිසිංහ