හොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 217 දෙනෙකුට අද 12 දින වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
එම රෝගීන්ගෙන් 50 දෙනකු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සෙසු රෝගීන් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම කාර්යාලය කියයි
එම රෝගී ගෙන් බහුතරයක් දෙනා කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් පහසුකම් මත කොග්ගල ප්‍රදේශයේ හෝටලයක ප්‍රතිකාර ලබන බවත් සමහර දෙනා කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව එම කාර්යාලය කියයි
මේ හේතුවෙන් ඉකුත් 26 වැනි දින සිට මේ දක්වා එම කර්මාන්ත ශාලාවේ සියලුම සේවාවන් මෙන්ම නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබිණි
එම කර්මාන්ත ශාලාවේ මුල්ම රෝගියා වාර්තා වූයේ ඉකුත් 30 දින බවත් එදින සිට මේ දක්වා සමස්ත කර්මාන්තශාලාවේ ම සේවක සේවිකාවන් පි සි ආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති බවත් බහුතරයක් දෙනාට වෛරසය වැළඳී නොමැති බවත් එම වාර්තාවලින් වැඩිදුරටත් අනාවරණ වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය .
තවත් පිරිසකගේ පි සි. ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව එම ප්‍රකාශකයා කීය .
දැනට පි සි අර් පරීක්ෂණ වලට භාජනය කර වෛරසය වැළඳී නොමැති සහ මනා ශරීර සෞඛ්‍යයෙන් සිටින සේවක සේවිකාවන් යොදවා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ගෙන් එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය