හොරණ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් කාන්දුවකින් ස්වසන ආබාධ ඇතිවූ සේවකයන් පස් දෙනෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඒවා ඉවත් කිරිමට යාමේ දී මෙම ගෑස් කාන්දුව ඇතිව තිබේ. මින් දෙදෙනෙකුගේ තත්ත්වය පරපතල බව වාර්තා වෙයි.