හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අතිසංවේදී තෘණ භූමී තුළට ඇතුළුවී ඒවා පාගමින් හානි සිදු කිරීමේ චෝදනාව සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකුහට රුපියල් 80000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20000 බැගින් මෙලෙස දඩ නියමවුයේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතර දෙනෙකුහටය.
වනෝද්‍යානය තුල පිහිටි අතිසංවේදී තෘණ බිම් තුලට පිවිස ඒවා පාගා ඇවිදිමින් ඡායාරූප හා විඩියෝ ගත කරමින් මෙම පිරිස ඒවාට හානි වෙන ලෙස හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා හා සහකාර වනෝද්‍යානය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලදි.
ශාන් හුලංනුගේ