හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරිමේ චෝදනාවන්ට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකුහට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ කෙන්ගල්ල, මැදවල, මයිලගහපිටිය වත්ත පදිංචි මංජුලද සොයිසා නැමැති අයෙකුහටය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.