හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුලට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හා එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
මෙසේ දඩ නියමවුයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් හටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි මොවුන් දෙදෙනා වනෝද්‍යානය ඇතුලත පිහිටි තෘණ භූමියක් තුලට නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු රැගෙන ගොස් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ශාන් හුලංනුගේ