හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා මාර්ග දෙකක් තිබිය දී යළි මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව දේශිය වානාන්තර සුරැකීමේ සංගමය කියා සිටියි.
එහි සභාපති අතීක් නසීර් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.
හෙක්ටයාර් 3160 ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ලෝක උරුමයක් බවට පත්කර ඇති බව ද අතීක් නසිර් සිය නිවේදනයෙන් අවධාරණය කර සිටියි.
නන්පෙරියල් වතුයාය හරහා නැග්රුක් දක්වා වාහන වලින් ගමන් කර පසුව පා ගමනින් ලෝකාන්තය දක්වා සංචාරකයින්ට ගමන් කිරිම සදහා මෙම නව මාර් ගය සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.
මේ වන විටත් පට්ටිපොළ හා ඔශිය දෙසින් හොර්ටන් තැන්නට පිවිසීම සදහා මාර්ග දෙකක් පවතින බවත්, නව මාර්ගය ඉදි කළහොත් අවේනික සත්ව විශේෂ රැසක් විනාශ වීමේ අවධානමක් පවතින බවත් හෙතෙම සිය නිවේදනයෙන් දක්වා තිබේ.
හොර්ටන්තැන්න වනෝද්‍යානයට අවේනික කක්කුක්ටන් විශේෂ 50 ජීවත්වන බවත්, අධික නායයාම් හා රිය ධාවනයට නොසුදුසු ප්‍රදේශයක් වන සැලසුම් කර ඇති නව ප්‍රවේශය ඉදිකිරිමෙන් සංචාරකයින් පවා අනතුරට ලක්විය හැකි බව දේශිය වනාන්තර සුරැකීමේ සංගමය අවධාරණය කරයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර