හයිටි රාජයේ පසුගිය සෙනසුරාදා සිදුවූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව අද (17දා) වනවිට 1,941ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් 9,900කට අධික සංඛ්‍යාවක් රෝහල් වෙත පැමිණ ඇති අතර, තාවකාලික කඳවුරු නිවාස අහිමි වූවන්ට රැකවරණ සලසති.
ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් යන්ත්‍ර සූත්‍ර මෙන්ම, මිනිස් ශ්‍රමයද භාවිත කරමින් සිටියත්, නිවර්තන සුළි කුණාටුවක් වන ග්‍රේස් හි බලපෑමද මේ වනවිට රට තවත් දුෂ්කරතාවකට පත්කරමින් මුදා ගැනීමේ උත්සාහයන්ද තාවකාලිකව නැවැත්වීමට බලකර ඇත.
හයිටි හි සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව නිවාස 84,000කට වැඩි ප්‍රමාණයක් හානි හෝ විනාශ වී ඇති අතර, 60,000ක් පමණ අවතැන්ව ඇති බව කියයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අඟහරුවාදා පැවසුවේ භූමිකම්පාව හේතුවෙන් ළමයින් 540,000ක් පීඩාවට පත්ව ඇතැයි ගණන් බලා ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් භූමිකම්පාවෙන් හානියට පත් හයිටි රාජ්‍යය වෙත සහාය ලබාදෙන බව කියා සිටියේය.