පහතරට ප්‍ර‘දේශවල වැව් සහ වාරිමාර්ග ඇළවල් ගිලගෙන ඇති 'හම්බු පන්' ඉවත් කිරීමට වහාම වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
රටේ පහතරට ප්‍රදේශවල වැව් සහ ඇළ මාර්ග රැසක් මේ වන විට මෙම පන් විශේෂය විසින් ගිලගැනීම හේතුවෙන් වැව් සහ ඇළ මාර්ග ගොඩවීමේ තර්ජනයට මුහුණදී ඇත.
'හම්බු පන්' (Typha Angustifolia) ආක්‍රමණශීලී ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි. මෙම පන්වල හටගන්නා මල්වල රේණු සුළගේ යෑම නිසා අවට ජනතාවට ද මහත් හිරිහැරයක් ඇත්තේ එම රේණු ඇඟ තැවරුණ විට කැසීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතවාද ඇති වන නිසාවෙනි.
එම නිසා වැව් සහ ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන මෙම ‘හම්බු පන්' ගලවා ඉවත් කිරීමට යන්ත්‍ර යොදා හෝ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.