හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා තිබේ.
ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ගෝලීය නාවුක සේවා සිතියමට එක් වේ.
ඒ අනුව හම්බන්තොට වරායට පැමිණෙන මෙන්ම ඊට ආසන්න ජාත්‍යන්තර නාවුක මාර්ගයේ ගමන්ගන්නා නෞකා සඳහා ද සේවා සැපයීමට මෙම වසරේ අග භාගයේ සිට හැකියාව ලැබෙනු ඇත.
සයිනොපෙක් ඔයිල් සමාගම මෙම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමගම ලොව පිළිගත් IMO 2020 නීතියට අනුකූලව VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් අදාළ සේවා සපයන මෙම කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත් වෙනු ඇත.
චීනයේ බෙයිජිං නුවර සිය මූලස්ථානය පිහිටුවා ඇති සයිනොපෙක් ඔයිල් සමාගම තෙල් සහ ඛණිජ සම්පත් ආශ්රිත නිෂ්පාදන කේෂත්‍රෙය් ලොව ප්රමුඛ පෙලේ සමාගමකි. ලෝකය පුරා වරාය 40 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන සයිනොපෙක් ඔයිල් සමාගම සතු ඔවුන්ටම අයිති තෙල් ගුදම් 25 ක වරකට පවතින දළ තෙල් ගබඩා පරිමාව ඝණ මීටර පහළොස් ලක්ෂ පනස් දහසකට අධිකය.