හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජාතික රෝහලක තත්ත්වයට ගෙන ඒමට සියලු කටයුතු සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් නව රෝහලේ සහ වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාර සේවා කටයුතු ඊයේ (19දා) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාරක සේවා කටයුතු මෙම මස (09) දින ආරම්භ කරන ලද අතර, මෙම රෝහල ඊයේ (19) පස්වරුවේ පළමුවෙන්ම සෞඛ්‍ය අමාත්යවරයිගේ නිරීක්ෂණයට ලක් විය.
“අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව හම්බන්තොට රෝහල කොළඹ ජාතික රෝහල තත්ත්වයටම ගෙන එන්න. එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තිබෙනවා. දියුණු වෙමින් පවතින දිස්ත්‍රික්කයක් විදිහට වරායක්, ගුවන් තොටුපළක් ඇති මේ දිස්ත්‍රික්කයේ සියලුම අංග වලින් සම්පූර්ණ ජාතික රෝහලක් නිර්මාණය විය යුතු බව මා පිළිගන්නවා.
ඒ සදහා කඩිනමින් ගත හැකි සියලු පියවර ගන්නවා. අපි ඉතා ඉක්මණින් ලංකාවේ තිබෙන දියුණුම ජාතික රෝහලක තත්ත්වයට මෙම රෝහල ගෙනඒමට කටයුතු කරනවා. කෙටි කාලීන හා දීර්ඝ කාලීන කටයුතු සිදුකරමින් ඒ සදහා අවශ්‍ය මූලික සැළසුම සකස් කිරිම මම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට පවරනවා.
අවශ්‍ය මානව හා භෞතික සම්පත් සියල්ල ලබාදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට අපි පොඩි වගකීමක් පැහැර හැර තිබෙනවා. මොන ආධාර ලැබුනත් මෙහි නිවැරදි සැළසුම හදන එක දේශපාලන අධිකාරියට කරන්න බැහැ. දේශපාලන අධිකාරිය කළේ මුදල් ගේන එක. මෙහි සැළසුම් නිවැරදි අයුරින් කරන්න තිබුනා. එය නිලධාරින්ගේ පැත්තේ තිබෙන වැරැද්දක්. මෙවැනි දුෂ්කර පළාතකට ලැබුන සම්පතක් ලෙස මෙම රෝහල හදුන්වන්න පුළුවන්.”