රට තුල මේ වනවිට කොරෝනා රෝගීන් වැඩිවෙමින් ඇති බැවින් ඔවුන් හට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන වැඩි කිරීමේ අරමුණින් කොරෝනා රෝගීන්හට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් අද (28 ) දින හම්බන්තොට මහරෝහලට අයත් පැරණි රෝහල තුල විවෘත කරන ලදී.
විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද ශ්‍රී ලාංකිකයින් පිරිසක් කොරෝනා රෝගී තත්ත්වය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් දැනට නිරෝධායන කටයුතු සදහා නැවතී සිටින ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ සිට රෝගීන් 65 දෙනෙකු අද (28) පස්වරුවේ ප්‍රතිකාර කටයුතු සදහා හම්බන්තොට පැරණි රෝහල වෙත රැගෙන ඒමට නියමිත බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා පවසයි.
විශේෂයෙන්ම යුද හමුදාවේ දායකත්වයද ඇතිව හම්බන්තොට වෙළඳ ප්‍රජාවගේ මුල්‍ය දායකත්වය හා ශ්‍රම දායකත්වය මත මෙම වාට්ටුව කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ආකාරයෙන් ආරක්ෂිත ක්‍රම අනුව සකස් කර තිබේ ,
එමෙන්ම හම්බන්තොට රෝහල තුල ස්ථාපිත කරන ලද මෙම වාට්ටුව තුල රෝගීන් 120 කට පමණ ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා ඇති බවත් මුලික වශයෙන් අද (28) සිට රෝගීන් 65 දෙනෙකු රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කරන බව හම්බන්තොට මහරෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් මහතා කියා සිටියේය .
එමෙන්ම මෙම වාට්ටුව ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ කිසිදු අයෙකුට බලපෑමක් නොවන බවත් ඒ සදහා සියලු ආරක්ෂිත ක්‍රම අනුගමනය කර ඇති බවත් ජනතාව විදියට ආරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු එච් .කරුණාරත්න මහතා කියා සිටියේය.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු එච් .කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරුණු අතර මේ සදහා හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුරංග මහතා හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු යුද හමුදා නිලධාරීන් ද සහභාගි වී සිටියහ .