හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු එන්නත් ලබා දුන් පසුව එම රෝගීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය හරහා විධිමත් පරික්ෂණයක් සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන ලදී.
අමාත්‍යාංශය මඟින් පවත්වන ලද පරික්ෂණයද මෙරටට රටවල් ගණනාවකින් පිළිකා සඳහා ඖෂධ ආනයනය කරනු ලබන අතර, එම සියලුම ඖෂධ එන්නත් දැඩි අවධානයට යොමු කරමින් දැඩි පරික්ෂාවට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව තවදුරටත් අමාත්‍යවරයා පැවසු බව ඖෂධ නිෂ්පාදනය,සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කර පවසා සිටියි.