හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි තංගල්ල , බෙලිඅත්ත, කදුරුපොකුණ සහ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් 43 දෙනකුගේ පීසීආර් සාම්පල ඉකුත් 21 වැනිදා තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී ලබාගෙන තිබිණි.
මෙලෙස සාම්පල ලබාගත් 43 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
අනිෂා මානගේ