රට තුල කොරෝනා රෝගීන් වැඩි වීමත් සමඟ හම්බන්තොට පැරණි රෝහලේ ස්ථාපිත කර තිබෙන කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය තුල මේ වන විට රෝගීන් 136 දෙනෙකු ප්‍රතිකාර කිරීමට ඇතුලත් කර තිබෙන බව එම වාට්ටුව බාරව කටයුතු කරන වෛද්‍ය වරයෙකු කියා සිටියේය.
එමෙන්ම මෙම රෝගීන් සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඒ අතරින් 98 දෙනෙකු බැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවන්හි සේවකයින් වන අතර අනෙකුත් රෝගීන් විදෙස් රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
කෙසේ නමුත් මේ වන විට හම්බන්තොට කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය තුල පහසුකම් සපයා ඇත්තේ රෝගීන් 200 කට පමණ බවත් ඉදිරියේදී රෝගීන්ගේ වැඩි වීමක් ඇතිවුවහොත් නැවත රෝහලේ අනෙකුත් වට්ටුවලද පහසුකම් ඇතිකිරීමට කටයුතු කළ යුතුබවයි රෝහලේ වෛද්‍ය වරුන් කියා සිටින්නේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි -හම්බන්තොට