පුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි දායකයින් විසින් (30) සොයා ගෙන තිබු බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ හදිසියේ අපවත්වි ඇත්තේ කැකුණදුර ධම්මරත්න නැමති වයස අවුරුදු 63 ක හිමිනමක් බව කියයි.
මෙම භික්ෂුව වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ වැඩවාසය කරමින් ඇති බවත් දායකයින් පවසයි.
30 උදේ හා දහවල් දානය රැගෙන ගිය අය විහාරස්ථානයේ මුළුතැන් ආසන්නයේ තබා ගොස් ඇති බවත් විහාරවාසි හිමියන් පිළිබදව නිසි සොයා බැලිමක් කර නැති බව කියයි.
නමුත් 30 දින සවස ගිලන් පස රැගෙන ආ පිරිසක් හිමියන් පිලිබදව විපරම් කර බලද්දි ආවාස ගෙය තුළ ඇද වැටි සිටිනු දැක ගම්වාසින් දන්වා ඇත.
පසුව පුත්තලම පොලිසිය පැමින අදාල මරණය සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබුනි .
ඒ සමගම පොලිස් අපරාධ ස්ථානිය නිළධාරින් (සොකො ද ) පැමිණ පරික්ෂණ අරඹා තිබුනී.
ආවාසගෙය තුළ මරණයට පත්ව සිටි හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවිර මහතා විසින් පවත්වා අදලා දේහය පුත්තලම මුලික රෝහටලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක්ද පැවැත්විමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දි තිබුනී.
කෙසේ වෙතත් මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සදහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ .