හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබා දීමට පාර්ශ්ව තුනක එකඟතාව ලැබී ඇති බවත්, ඒ අනුව මැනුම් කටයුතු ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
හෝමාගම තාක්ෂණ නගරය වෙනුවෙන් රජය මගින් තෝරාගත් ඉඩම් රජයට පැවරීම සඳහා වන එකඟතා සාකච්ඡාවක් අද (19දා) උදෑසන 10.30ට අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව ජෛව තාක්ෂණ පර්යේෂණ ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිත දඹුගොල්ලවත්ත ප්‍රදේශයේ අක්කර 13ක් රජයට පැවරීමට එකඟතාවට එළැඹිණි.
තවද, ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිත හොරගොල්ලවත්ත භූමියෙන් අක්කර 11කට හිමිකම් කියන පාර්ශ්වයන් විසින් සිය එකඟතාවද ලබාදෙනු ලැබීය.
දැනට ඉදිකිරීම් සිදු කරන අළුබෝගහවත්ත භූමියෙන් අක්කර 05ක කොටසකටද අදාළ එකඟතා පළවී තිබේ.
එමෙන්ම ඊයේ (19දා) පැවැති සාකච්ඡාවට පැමිණීමට නොහැකි වූ අදාළ ඉඩම්වල හිමිකාරීත්වය දරන පාර්ශ්වකරුවන්ට නැවත සාකච්ඡාවකට ආරාධනා කරන බවද ව්‍යාපෘති කාර්යාලය ප්‍රකාශ කරයි.