හබරාදුව පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිලධාරින් 06 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙම පොලිස් නිලධාරින් 06 දෙනාගේ පී. සී.ආර්. පරික්ෂණ වාර්තා අද (16) දින ලැබුණු බවත් පොලිස් නිලධාරින් 06 දෙනා නිරෝධායනයට ලක් කොට සිට බවද හෙතෙම පවසයි..
මෙහි එක් පොලිස් නිලධාරියකු විසින් අනුරාධපුර මැදවචිචිය ප්‍රදේශයේ කොරෝනා වෛරසය වැළදි ඇති බවට හදුනාගත් ආසාදිතයකු සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරින් හයදෙනා නිරෝධායනයට ලක්කොට තිබුණි..
පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ පොලිස් නිලධාරීන් 6 දෙනා අතර බුද්ධි අංශයට සම්බන්ධ පොලිස් නිලධාරීන් නිලධාරින් 4 දෙනෙකු ද සිටින ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.