පවතින ධාරානිපාත වර්ෂාව සමඟ හපුතලේ ගල්කන්ද වත්තේ අද (19) සවස සිදුවූ නායයාමකින් පසු ඒ ආසන්නයේ අවදානම් ස්ථානවල පදිංචි පවුල් දහසයක් ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කියයි.
ඉවත් කළ පවුල් 16ක සාමාජිකයින් 70ක් හපුතලේ දඹේතැන්න අංක 3 දෙමළ මහා විදුහලේ තාවකාලිකව රඳවා ඇතැයි ද ප්‍රාදේශී ලේකම් කාර්යාලය කියයි.
කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම මෙම නාය යාමට හේතුව බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන නිලධාරියකු පැවැසීය.
අවශ්‍ය සහන ලබාදීමට සහ ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර