රටේ පවතින නිදහස සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) පෙරවරුවේ මහනුවර දිස්ති‍්‍රක් ,ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුගස්තොට රාහුල විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේ පැවති ,ස්මාර්ට් ශ්‍රී ලංකා, තරුණ ජන හමුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියාසිටියේ දැයේ සියලූ දරුවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සාධාරණ සමාජයක් ගොඩනගාදීමට ඉකුත් සිවු වසර තුළ වගකීම් රැසක් ඉටු කළ බවයි. කුමන ආගමකට සහ කුමන ජාතියකට අයත් වුව ද දැයේ සියලූ දරුවන් තමන්ට තම දරුවන් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඔවුන් සියලූදෙනා වෙනුවෙන් වගකීම් ඉටුකරන බව ද කියා සිටියේය.
මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමානුෂික නවක වදය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියාසිටියේ මෙසේ පීඩනයට ලක්වන්නේ තම සහෝදර සහෝදරියන් බව ඔවුන් අමතක නොකළ යුතු බවයි. දේශපාලන වැඩපිළිවෙළක් නොවු හුදෙක් තාරුණ්‍යයේ අනාගතය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන හරහා මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පුළුල් වැඩකොටසක් ඉටු වෙමින් පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදි කියාසිටියේය
මහනුවර දිස්ති‍්‍රක් ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අදාළ වගකීම් පැවරීමේ ලිපි ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, රජිත කීර්ති තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, මහනුවර දිස්ති‍්‍රක් ලේකම් ඞී.එම්.එන්.ජී. කරුණාරත්න, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ස්මාර්ට් ශ්‍රී ලංකා අධ්යක්ෂ ජනරාල් එරික් ප්‍රසන්න වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි