මහනුවර හන්තාන කඳුකරයේ අඩි 3000 කට වඩා ඉහළ පරිසර සංවේදී කලාපයේ එනසල් වගාවක් සිදු කිරීම සඳහා විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් එළිපෙහෙළි කරන බවට හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සරිෆ් ඩින් මහතා රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සැප්තැම්බර් මස 16 වැනි දිනට නඩුව කල් තැබිය .
ඒ අනුව එදිනට සභාපති මධ්‍යම පරිසර අධිකාරිය , ප්‍රාදේශීය ලේකම් ගඟවටකෝරලය , මධ්‍යම පළාත් අධ්‍යක්ෂක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , අධ්යක්ෂ ජනරාල් වන සත්ත්ව හා තුරුලතා , අඩවි වන නිලධාරි සහ මධ්‍යම පළාත් ඉඩම් නිලධාරි යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය .
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ප්‍රශ්නයට තුඩුදී ඇති ඉඩම මීට වසර තිහකට තිහකට පෙර එනම් 1990 වසරේ නොවැම්බර් මස 30 වැනි දින පමුණුව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු වන අන්දිරිස් ජයසිංහ නැමැති අයෙකුගෙන් මිලදී ගත් ඉඩමක් බවත් එය තමන්ගේ පෞද්ගලික ඉඩමක් බවත්ය .
අදාළ ඉඩම මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහළින් පිහිටා තිබෙන බව පිළිගන්නා බවත් හන්තාන රක්ෂිතයට අදාළව පනවා ඇති නීති රෙගුලාසි වලට අනුව කාබනික වගා කටයුතු කිරීමට අයිතියක් තිබෙන බවත් සඳහන් කර සිටී . ඒ අනුව ඉඩමේ යම් කොටස් වල උසට වැවී තිබූ තණකොළ පමණක් ඉතා වගකීමක් හා සැලකිල්ලෙන් අඩු කළ බවත් කියා සිටී . එහිදී කිසිදු ගස් කැපීමක් හෝ පරිසර හානියක් සිදු නොකළ බවද එම නිවේදනයෙන් සඳහන් කර සිටි .
පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විවිධ මාධ්‍ය භාවිතා කරමින් පවුලේ කීර්තිනාමයට හානි වන ලෙස අසත්‍ය පුවත් පල කිරීම පිළිබඳව කණගාටු වන බව ද එය මහතා සඳහන් කර සිටී.
ෂේන් සෙනෙවිරත්න