හෙද සේවයේ සියලුම ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යෝජනා කර තිබේ.
යම් හෙද නිලධාරියෙකු වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු අවුරුදු 63ට පෙර විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළකරන්නේ නම් ඔහුට හෝ ඇයට ඔහුගේ ඇයගේ සේවාකාලයට අනුරූපීව ලැබියයුතු විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ඇතුළු වරප්‍රසාද හා හිමිකම් සහිතව විශ්‍රාම ගැන්වීමටද යෝජිතය.
රටේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රෝහල් තුළ දැඩි සත්කාර ඒකක වලට හා වාට්ටුවලට පුහුණු හෙද නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාව දැඩිව පවතින බවත්, හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම තුළින් ඒ සඳහාද විසඳුම් ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය යොමුකළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇතැයිද කියැවේ.
සෞඛ්‍ය සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වී මේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමටද මින්පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.