පාපන්දු ලෝකයේ මෙන්ම, බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක පේලේ සිය මහ බඩවැලේ ඇති වූ සැකකටයුතු ගෙඩියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයකට බඳුන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා වූ පේලේ මේ වනවිට 80 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් තමන්ට යම් සුවයක් දැනෙන බව පවසා තිබේ.
"පසුගිය සෙනසුරාදා මහ බඩවැලේ සැකකටයුතු ගෙඩියක් ඉවත් කිරීම සඳහා මා සැත්කමකට භාජනය කළා. ගිය සතියේ සිදුකළ පරීක්ෂණවලදී මේ තත්ත්වය හඳුනාගෙන තිබුණා. වාසනාවකට වගේ, ඔබ සමග විශාල ජයග්‍රහණ සැමරීමට මා පුරුදු වී සිටිනවා. මම මෙම තරගයටත් මුහුණ දුන්නේ සිනහමුසු මුහුණින්. මගේ පවුලේ අය හා මිතුරන්ගේ ප්‍රේමයෙන් වට වී සිටීම මට බලාපොරොත්තු දැල්වීමක් වගේම සතුටක් වුණා." පෙලේ වැඩිදුරටත් ලියා තිබුණි.
සාඕ පවුලෝ හි ඇල්බට් අයින්ස්ටයින් රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් පේලේ දැඩි සත්කාර ඒකකයේ තබා ඇති නමුත් හෙට (07දා) ඔහුව කාමරයකට මාරු කිරීමට බලාපොරොත්තු වූ බවයි. ඉවත් කෙරුණු ගෙඩිය පරීක්ෂණ සඳහා යවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.