ඉහළ යන කොවිඩ්-19 ආසාදනවලට සාර්ථකව මුහුණදීම සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස ටෝකියෝ අගනුවර ඇතුළු අසල්වැසි ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් ඉල්ලා සිටීමත් සමග ජපානය නව හදිසි අවස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීමට සලකා බලනු ඇතැයි එරට වසංගත ප්‍රතිචාරයේ ප්‍රධානියා පවසයි.
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂිමුරා යසුතෝෂි ටෝකියෝ ආණ්ඩුකාර යූරිකෝ කොයිකේ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක නායකයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
ටෝකියෝ සහ අසල්වැසි සයිටාමා, චිබා සහ කනගාවා ප්‍රාන්තවල ඒකාබද්ධව මෙම ඉල්ලීම ගොනු කර ඇති අතර, ටෝකියෝව මහජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ඉල්ලා සිටියද මේ වනවිට තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
අලුත් අවුරුදු දිනයේ ටෝකියෝ හි නව කොවිඩ්-19 ආසාදිතයන් 1,337ක් දක්වා ඉහළ ගොස් තිබූ බව කියයි.