මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පැයක පමණ කාලයක් විකිරණ කාමරයක දමා අඟුළු දැමීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මීට දින දෙකකට පෙර මෙම සිදුවීම සිදුව ඇති අතර හෙදියන් දෙදනා මේ සම්බන්ධයෙන් මහරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙසේ ඔවුන්ව විකිරණ කාමරයක දමා අඟුළු දමා ඇත්තේ එම රෝහලේම විකිරණ ශිල්පීන් දෙදෙනෙක් බවට කරුණු අණාවරණය වී තිබේ.
අයුතු සිරකර තැබීමේ චෝදනා යටතේ එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.