අම්බලන්තොට ගොවිජනසේවා බල ප්රදේශයට අයත් ගල්වැව ග්රාමසේවක කොට්ඨාසයේ මහා පිට පැලැස්ස වෙල්යායේ ගොයම් ගස් තුළ මේ දිනවල පැතිරී යන හදුනා නොගත් කිඩෑ විශේෂයක් හේතුවෙන් එම වෙල් යායට අයත් කුඹුරු අක්කර 50ක පමණ ගොවින් 40 කට අධික ප්රමාණයක් අසරණ වී සිටිති .
මිට සතියක පමණ කාලයක සිට මෙම කිඩෑ උවදුර පැතිරීම ආරම්භ වී ඇති අතර දින කීපයකදී ශ්රීඝ්රයෙන් වර්ධනය වී මුළු කුඹුරු යායම විනාශ වූ බවයි ගොවියෝ පවසා සිටින්නේ .
මාස තුනකට අධික කාලයක් මෙම වී වගාවන් තව සතියකින් පමණ අස්වනු නෙලීමට තිබියදී මෙම කිඩෑ උවදුර වැළදීමෙන් මේ ආකාරයෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවත් මේ හේතුවෙන් තමන් දැඩි අසරණ තත්වයකට පත්වු බවත් ගොවියෝ පෙන්වා දෙති .
එම නිසා තමන් මුහුණ පා සිටින මෙම අසරණ තත්වය සම්බන්ධයෙන් සොයා බලා තමන් ගොවිතැන වෙනුවෙන් ණය වූ ණය මුදල්වත් ගෙවා ගැනීම සදහා ආධාර මුදලක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙස ගොවියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති .
හම්බන්තොට - රාහුල් සමන්ත