හුදෙකලා කරන ලද පොලිස් වසම් හතරක නිරෝධන නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පුද්ගලයන් 95 දෙනෙක් ඩ්‍රෝන කැමරා මෙහෙයුමේ දී ඊයේ 17 අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන පොලිස් වසමෙන් පුද්ගලයන් 29, කෙසෙල්වත්ත පොලිස් වසමෙන් පුද්ගලයන් 21 හා ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමෙන් පුද්ගලයන් 19 හා ජා-ඇළ පොලිස් වසමෙන් පුද්ගලයන් 26, අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
හුදෙකලා කරන ලද ප්‍රදේශවල දිනපතාම ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක කර නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය