කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හුදකලා කර ඇති ශා/කුම්බස් වතුයායේ හා තලවාකැලේ තේ පරික්ෂණාගාරයේ (ටි. ආර්. අයි.) සමහර පිරිස් හොර රහසේ එම ප්‍රදේශවලින් බැහැරව යාමත් සමග එම ප්‍රදේශවල කොවිඩ් වසංගතය පැතිරයාමේ දැඩි අවදානයක් පවතින බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවාකැලේ තේ පරික්ෂානාගාරයේ කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම ප්‍රදේශය හා ශා/කුම්බස් වතුයාය හුදකලා කිරිමට පියවර ගත් බවත්ය.
මෙම ප්‍රදේශ මෙසේ හුදකලා කර ලිදුල පොලිසිය හා යුධ හමුදාව එක්ව ආරක්ෂාව යොදවා තිබුනද එම ප්‍රදේශයේ සමහර පිරිස් එම වතුයායේ පවතිව සමහර කෙටි මාර්ග හා තේ වතු ආශ්රිත ප්‍රදේශවලින් තලවාකැලේ නගරයට යන බවට තොරතුර ලැබෙන බවත් මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල මෙන්ම තලවාකැලේ නගරය තුලද කොවිඩ් අවදානම පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්ය.
දැනට හුදකලා කර තිබෙන ටි. ආර්. අයි. උඩ කොටසේ හා පහල කොටසේ දෙදෙනකු දින දෙකක් තුලදි මිය ගොස් ඇති බවත් මෙසේ මිය ගිය අයකුගේ පි. සි. ආර්. වාර්ථා නෙගටිව් බවත් 11වන දින මිය ගිය අයගේ පි. සි. ආර්. පරික්ෂන සිදුකිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පවසන ලදි.
තලවාකැලේ තේ පරික්ෂනාගාරය මේ වන විට මුලු මනින්ම වසා දමා ඇති බවත් එහි සේවකයන්ගේ ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා තවත් ප්‍රමාණයක් ලැබිමට ඇති බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා