හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි 319- L ග්‍රාමසේවා වසමේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319-I ග්‍රාමසේවා වසමේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 14 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
එම ප්‍රදේශවලින් මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 31 දෙනෙකු හමු වි ඇති අතර , එම අසාදිතයන් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති.
හුදකලා කර ඇති ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේවය කල සේවක සේවිකාවන්ටයි මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත්තේ.
සංචරණ සිමා පනවා ඇති සහ හුදකලා කර ඇති ප්‍රදේශවල 180 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල බවත්,එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබෙමින් පවතින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
එම අසාදිතයන්ට අමතරව බගවන්තලාව නගරයේ කොණ්ඩා කපන ස්ථානයේ අයිතිකරුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම කොණ්ඩා කපන ස්ථානය තාවකාලිකව වසා දැමු බවත්,එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් සහ කොණ්ඩා කපන ස්ථානයට පැමිණි පාරිභෝගිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.