හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වි තවත් අසාදිතයන් 18 දෙනෙකු අද දින හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
හුදකලා කර ඇති සහ සංචරණ සිමා පනවා ඇති එම ප්‍රදේශ වලින් මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 25 දෙනෙකු හමු වි ඇති අතර , එම අසාදිතයන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගෙන් (06) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 18 දෙනා හමු වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
එම අසාදිතයන් 18 දෙනාට අමතරව තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන සෙන් ජොන් ටිලරි වතුයායෙන් අසාදිතයන් 02 හදුනාගත් බවත්, බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (10) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 20 දෙනෙකු හමු වි ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.