ඉන්දික හේවාවිතාරණ
කිසිදු ප්‍රශ්නයක් නොමැතිව කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ක්‍රිකට් කළමනාකරු තනතුරින් ඉවත් කිරීමට හා චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉවත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඒ හේතුවෙන් අසංක ගුරුසිංහ මහතා රටින් යාමේ වගකීම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා භාරගත යුතු බවත්, හතුරුසිංහ මහතා බංග්ලාදේශ රටේ පුහුණුකරු තනතුරින් ඉවත් කරගෙන ලංකාවට රැගෙන ආවත් පසුව හතුරුසිංහ ඊට නුසුදුසු බව පවසමින් එළවා දැමූ බවද හිටපු සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
හතුරුසිංහ මහතා පුහුණුකරු තනතුරින් ඉවත් කිරීම නිසා කණ්ඩායමේ එකමුතුකම කණ්ඩායමේ ඉදිරි ගමන් මග අර්බුදයකට ලක්වූ බවද ඊයේ (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව පසුගිය කාලය තුළදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා තමා ඉලක්ක කර ගනිමින් යම් යම් කටයුතු කළ බවත්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.