හෙට (11) දිනයේ රට විවෘත කිරිමෙන් රජයේ අරමුණ වනුයේ රටෙහි ආර්ථිකය ක්‍රමානුකුලව ගොඩනැංවිමට පුද්ගලික අංශය විවෘත කිරිමත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම බව සෞඛ්‍ය සේවා ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
එම නිසා සියලුම ජනතාව නගර වෙතට පැමිණිම රජය විසින් අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරිය පැවසීය.
අද (10) දිනයේ කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.
පසුගිය දින කිහිපයේදි අවදානම් කලාප ලෙස නම් කර තිබු බණ්ඩාරනායකපුර ,සුදුවැල්ල යන ප්‍රදේශවලින් කිසිදු රෝගියෙකු වාර්තා නොවු බවත් අමාත්‍යවරිය පැවසීය.
නාවික හමුදාවේ පිරිස් හා ඔවුන්ගේ පවුල්වල සියලු පිරිස් නිරෝධායනයට ලක් කර ඇති බවත් ඔබ නිරෝධායනය වු අයෙක් නම් ඔබ ආදාළ නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකුලව ක්‍රියා කරන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.