හෙට සිට වැසි තත්වයේ වැඩි විමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බෝහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව,මධ්‍යම,බස්නාහිර සහ වයඔ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මී.මී.100 වැඩි තද වැසි බලාපොරොත්තු වේ.
ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මී.මී.75ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.