නැගෙනහිර පළාතේ හා පොලොන්නරුව, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන ‘වැඩි අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වූයේ එය හෙට (20දා) දිනට වලංගු වන පරිදි නිකුත් කළ බවයි.